hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 4:05



ඉන්දියාවේ දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ (Krrish) සමාගම සමඟ සිදුවූ බව කියන ගනුදෙනුවකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවකු ලෙස නම් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත්තේ, අදාළ සමාගම සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබා ගැනීම පිළිබඳ චෝදනාවලට අදාළවය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු අඛණ්ඩව සිදුවන අතර, පසුගිය සැප්තැම්බර් 24 වන දින අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව, වෙනත් නඩුවක් හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද අල්ලස් කොමිසමේ නිලධාරීහු පියවර ගත්හ.

කොළඹ කොටුව, ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කලම්බු’ (Krrish Transworks Colombo Pvt Ltd) සමාගම වෙත පවරා ගැනීමට පහසුකම් සැලසීම සහ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුමැතීන් කඩිනම් කර දීම වෙනුවෙන් අවස්ථා තුනකදී රුපියල් මිලියන 70 ක මුදලක් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇතැයි කියන චෝදනාව මුල් කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මකය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: