hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 10:34



ගීත නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිය සහ කතෘභාග (Royalty Fees) අය කිරීම සම්බන්ධ නව නීතිමය ක්‍රමවේදය පිළිබඳව ACPOSLහි සාමාජික ප්‍රවීණ සංගීතවේදී රංග දසනායක මහතා මෙසේ අදහස් දක්වයි.

එහිදී විවාහ මංගල්‍යයන් සහ විවිධ උත්සවවලදී ගීත භාවිතය වෙනුවෙන් ගෙවීම් පැහැර නොහැර සිදුකළ යුත්තේ කවුරුන්ද යන්න ඔහු පෙන්වා දුන්නේය.

සංගීත සංදර්ශනයක් හෝ ඕනෑම උත්සවයක් සංවිධානය කිරීමේදී කතෘභාග ගෙවීමේ මූලික වගකීම ඇත්තේ එහි සැබෑ සංවිධායකවරයාට බව ඔහු සඳහන් කරයි.

විවාහ මංගල්‍යයකදී හෝටල් හිමිකරුවන් හෝ ඉවෙන්ට් මැනේජර්වරුන් නොව, මනාලයා, මනාලිය හෝ ඔවුන්ගේ දෙමව්පියන් විසින් අදාළ බලපත්‍රය ලබාගෙන මුදල් ගෙවිය යුතු බව සඳහන් කරයි.

අදාළ ගෙවීම් උත්සව ශාලා හෝ කළමනාකරුවන් විසින් දැරිය යුතු බවට පවතින මතය වැරදි බවත්, ගීත භාවිතයෙන් ප්‍රයෝජන ලබන පාර්ශ්වය සෘජුවම ඊට වගකිව යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: