2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:02
ජාතික ඩිජිටල් හැඳුනුම්පත වෙනුවෙන් සමාගමක් තෝරා ගැනීමට මීට මාස 03කට පෙර දැන්වීම් පළ කළ බවත්, ඒ සඳහා ඉන්දීය සමාගම් දෙකක් ලංසු ඉදිරිපත් කර තිබුණු බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවා.
කෙසේවෙතත් මෙම ලංසුකරුවන් ඒ සඳහා සුදුසුකම් නොලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියා.
“මාස 03කට පෙර අපි ඒ සඳහා දැන්වීම් පළ කළා. ආයතන දෙකක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කළා. ඉන්දියාවේ ආයතන දෙකක්. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඒ සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ.“
“බොහෝ විට මේ වසර අවසානයේ දී ඒ සඳහා නැවත වරක් දැන්වීම් පළ කරන්න අපි කටයුතු කරනවා. ප්‍රසම්පාදන කටයුතු අවසන් වුවහොත් බොහෝ විට ලබන වසරේ පළමු මාසය ඇතුළත අපට ලංසුකරුවෙකු තෝරාගන්න පුළුවන් වේවි.“
මෙහිදී ජනතාවට ඩිජිටල් හැඳුනුම්පතක් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේ දැයි යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා කාලවක් ගත වනු ඇති බවයි.
“ඒකට කාලයක් ගත වේවි. මුලින්ම ඔබට ඒ සඳහා පද්ධතියත් තිබිය යුතුයි. ඒ සඳහා දත්ත එක්රැස් කළ යුතුයි. අඩුම තරමින් ඊට වසර 1 1/2 ක් වත් ගත වේවි.“
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
2025 මැයි 10, පෙ.ව. 11:09
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13
08-05-25
08-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
02-05-25
02-05-25
22-04-25
22-04-25
08-04-25
08-04-25
18-03-25
18-03-25
20-02-25
20-02-25
06-02-25
06-02-25
25-12-24
25-12-24
07-12-24
07-12-24