hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 9:41



නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සමගි ජන බල වේගයේ ආසන සංවිධායකකම් ලබා දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දැනට නාලක ගොඩහේවා මහතාට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනයක්,ඩිලාන් පෙරේරා මහතාට බදුල්ල දිස්ත්‍රික්කයේ ආසනයක්,වසන්ත යාපා බණ්ඩාර මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ආසනයක් ලබා දීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතාටද සජබ තනතුරක් ලබා දීමට නියමිතව ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: