hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 02, පෙ.ව. 12:01



රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.

රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.

ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.

රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.

රන්ජන් සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රිය චරිතයක්නෙ.

ඉතින් ඔහුගේ වයස ගැනත් සමාජ මාධ්‍ය තුළින්ම තමයි කතාවක් ඇදිලා ඇවිත් තිබුණෙ.

ඒ රන්ජන්වයි ෂාරුක්වයි සංසන්දනය කරමින්.

මේ කතාව දැක්ක රන්ජන් ඒ පෝස්ටුව තමන්ගෙ ෆේස්බුක් ගිණුම ඔස්සේ හුවමාරු කරගෙන තිබුණෙ, තමන් තාමත් තරුණව ඉන්න හේතු කාරණා කීපයක් ගැනම මේ විදියට සඳහන් කරමින්.

”සිගරැට්, කොකේන්,අයිස්,ස්ටෙරොයිඩ්,බොන්න එපා,මහජන මුදල් හොරකම් කරන්න එපා,වතුර බොන්න,ව්‍යායාම් කරන්න,ජනතාවට ඇත්තටම ආදරේ කරන්න..නොබැඳ හිටියොත් ප්‍රශ්න ගොඩාක් අඩුයි..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: