hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 07, පෙ.ව. 7:10


කෙහෙළියට පාර්ලිමේන්තු එන්න අවසර

අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: