hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 8:10


දුම්රියේ ගැටී සිසුවෙක් මරුට

දුම්රියේ ගැටී 14 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා.

තඹලගමුව මොල්ලිපොතාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ සිසුවා ගෙලිඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ යුනිට් 07 මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.