2024 පෙබරවාරි 23, පෙ.ව. 12:02
හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු සිදු කරන්නට යෙදිණි.
වචනයේ පරිසමාප්ත අරුතින්ම ලක්මවට මැණිකක් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා.
කැලණිය සරසවියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය අඩු වයසින්ම අධ්‍යාපන කඩඉම් ජයගත් තරුණියක්.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවේ 2022 වසරේ දක්ෂතම ශිෂ්‍යාව මෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවිය බවට ද ඇය පත්වන්නේ, පොතපත පමණක් නොව නැටුම් ගැයුම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටත් දක්ෂ සහ දීප්තිමත් සිසුවියක ලෙස සරසවිට කීර්තියක් අත්කර දෙමිනි.
ඉහළ සමත්කම් නිසාම 2023 වසරේ දී ඇය සිය සරසවිය වූ කොළඹ විශ්වවිද්‍යාලයේම ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කළා.
එමෙන්ම මේ රුවැත්තිය දහම් අධ්‍යාපනයට දැක්වූ ඇල්ම නිසාම දහම්පාසල් ආචාර්යවරියක ලෙසත් කටයුතු කළා.
නිරතුරු මුහුණේ සුන්දර සිනහවක් තබාගත් ඇය, පසුගිය 16 වැනි දාත් සරසවිය බලා නිවසින් පිට වන්නේ, තමා එන තුරු බලා සිටින සරසවි දරුවන්ගේ දෙනෙත් පාදන්නටයි.
නමුත් ඇයට සිය ගමනාන්තය දක්වා යන්නට නොලැබිණි.
ලොරි රථයක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇය ව අනතුරට ලක්කර තිබුණේ, නොසිතූ ලෙසිනි.
කඩිනමින් ඇය ඒ අසල පෞද්ගලික රෝහලකටත් ඉන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණ ද සැමගේ බලාපොරොත්තු සුන් කරමින් පසුගිය 18 වැනි දා ඇය අවසන් සුසුම් හෙළුවා.
ඒ, අනතුරින් ඇගේ හිසට සිදු ව තිබූ බරපතළ හානි හේතුවෙනි.
ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ පළවූ සටහන් අතර කීර්තිමත් රාජ්‍ය නිළධාරිනියක වන අනූෂා ගෝකුල ද සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබෙනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24