hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 16, ප.ව. 4:56


පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කෙරේ

2023 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ට අදාළ අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ සම්පූර්ණ කරන ලද අදාළ අයදුම් පත්‍රය 2022 ජුලි 16ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද වැඩි දුර තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකියි.