2024 පෙබරවාරි 27, ප.ව. 5:23
ශ්‍රී ලන්කන් ගුවන් යානා අද (27) අවලංගු වීම සහ ප්‍රමාදවීම් වලට ලක්වීම නිසා ගුවන් මගීන් පත් වී ඇති අපහසුතා පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා සිය කනගාටුව පළ කළා.
කටුනායක මාක්ෆෙඩ් පරිශ්‍රයේ පිහිටි නිළ නිවසේ අද (27) පස්වරු 01.00 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා එසේ කනගාටු පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ අර්බුද රාශියක් පවතින බවත් , ඒ අතර තාක්ෂණික ගැටළු , ගුවන් යානා සදහා අමතර කොටස් හිගය, සේවක ගැටළු ඇති බවත් පැවසුවා.
මෙම ගැටළු විසදා ගැනීම සදහා තමන් සතුව ද යෝජනා කීපයක් ඇති බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග සාකච්ඡා කර මේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි බවත් අතුළ ගල්කැටිය මහතා පවසා සිටියා.
ගුවන් යානා සදහා ප්‍රවේශ පත්‍ර මාස කීපයකට පෙර අලෙවි කරන බවත්, ඒ අතරතුර හදිසියේම ගුවන් යානයක් කාර්මික දෝශයකට ලක් වුවහොත් , එම යානයේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වන බවත් සඳහන් කළා.
ඉන්දියාව, තායිලන්තය සහ මැදපෙරදිග රටවල ගමනාන්ත වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 06ක් අද (27) දින අවලංගු කිරීමකට ලක් කර තිබුණා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06