hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 මාර්තු 02, පෙ.ව. 9:06



අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු සඳහා ඊයේ පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය, මාතර – කොටුව ක්‍රීඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් මාතර තානායමට හානි සිදුව තිබෙනවා.

මාතර තානායමේ කලමණාකරු පවසා ඇත්තේ, විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බවයි.

කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ද දැඩි අපහසුතාවයට ලක් වී තිබුණා.

නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණා.