hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 මාර්තු 06, පෙ.ව. 11:58



ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වූයේ ඊයේ දිනයේය.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් බිඳ වැටීම සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසාය. පැය කීපයක් යද්දී දෝෂය නිවැරදි කිරීමට ‘මෙටා’ සමාගමේ තක්ෂණික අංශය කටයුතු කළා.