2024 මාර්තු 08, පෙ.ව. 12:09
පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරණ නිලධාරියෙකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීමට හැකි වන පරිදි 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.
කොන්දේසී කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 වර්ෂයේ ජනවාරි මස 30 වන දින නිකුත් කර ඇති එම චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26