2024 මාර්තු 20, පෙ.ව. 11:50
‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායක මහතා ප්‍රධාන පුවත්පත් වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැතැයිද හෙතෙම පෙන්වා දුන් බවයි එහි සඳහන් වන්නේ.
‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21) දිනයේ පියවර ගන්නවා’’ යැයිද හෙතෙම ප්‍රකාශ කර ඇත.
‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද හෙතෙම සඳහන් කර තිබෙනවා.
රුහුණු මහා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට පෙරේදා (18) සිට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ගබඩා භාරව සිටි චූටි කපුරාලට බස්නායක නිලමේ විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.
රන් තැටියක් පූජා කළා යැයි කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් එවැනි දෙයක් පූජා නොකළ බවට පසුව ප්‍රකාශ ලබාදී ඇති බවද ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක මහතා එම පුවත් පත් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
10-03-25
10-03-25
07-01-25
07-01-25
05-01-25
05-01-25
23-11-22
23-11-22