hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ජූනි 19, ප.ව. 8:52



පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සීමා කොට හැකි තරම් නිවසේ සිට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා පවත්වාගෙන යන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස ලෙස තමන් ඉල්ලා සිටින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අද (19) පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්

තවද පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉදිරි දින 3-4 තුලදී පෝලිම්වල රැඳී නොසිටින ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

අද වන විට මෙරට තුල ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් LIOC සමාගම සතුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් පවතින බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙසත්,බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලීමක් සිදු කර තිබුණා.

ජූනි 23 වන දා පෙට්‍රල් සහ ජූනි 24 වන දා ඩීසල් නෞකා ලබා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 90ක ණයවර ලිපි විවෘත කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊට අවශ්‍ය ඩොලර් මිලියන 90ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විටත් නිදහස් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ඔහු අවධාරණය කළේ, අදාළ ඉන්ධන සැපයුම්කරුවන් සමග ගනුදෙනු කරන්නේ ප්‍රථම වරට බව ත් ඒ හේතුවෙන් පළමු ඉන්ධන නෞකාව ලබා ගැනීම ඉතාමත් අභියෝගාත්මක බවයි.

“අපි මේ පිළිබඳව නිශ්චිතවම මම නැවත වතාවක් කියන්නේ, පළමු වතාවට මේ ගනුදෙනු කරන සැපයුම්කරුවන් එක්ක කටයුතු කිරීමේදී පළමු නෞකාව ලබාගැනීම ඉතාමත් අභියෝගාත්මක කටයුත්ත වෙන්නේ. ඒ නිසා අපි සුබවාදීව ධානාත්මකව අපි විශ්වාස කරනවා 23, 24 කියන දින දෙකේ පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ලබාගැනීමේ අරමුණෙන් තමයි අපි ඒ කටයුත්තේ යෙදිලා සිටින්නේ. ඒ නිසා විශේෂයෙන් ම අපිට තිබෙන ඩීසල් තොග අප බලාපොරෙත්තු වෙනවා ඉදිරි දින 10 පමණ ප්‍රමාණය කිසි ම ගැටලුවකින් තොරව වෙනදාට වැඩිය වෙළෙඳපොළට නිකුත්කරමින් මේ තිබෙන තදබදය ඉවත්කිරීම සඳහා අපිට පුළුවන්කම ලැබෙයි කියලා. පෙට්‍රල් සඳහා අපි විශේෂයෙන් ම අවධානය යොමුකරලා තිබෙනවා.”