2024 මැයි 01, පෙ.ව. 12:01
කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට විවිධ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වුණු ඇය නිලන්ති ඩයස්. ඇය කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියත් විවාහයත් එක්කම පසුගිය කාලසීමාවේදී කලා කටයුතුවලින් ටිකක් ඈත් වෙලා හිටියා.
කොහොම නමුත් දියණියක් දැන් ටිකක් ලොකු නිසා ඇය ආයෙමත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා කාලය ගත කරා අපි දැක්කා පසුගිය දවස්වල අවුරුදු ප්‍රෝග්‍රෑම් ගොඩකට ඇය සම්බන්ධ වුණා ඒ දියණියත් එක්ක.
තාමත් එදා වගේම ලස්සන රූපයකට හිමිකම් කියන්නේ ඉලන්තේ, ඒ වගේම හරිම ලස්සනට නටනවා. ඉතින් ඒ දක්ෂතාවයන් එක්ක ජීවිතේ ගත කරන ඇය නිතරම පේන්න හිටියේ නැතත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්න නම් ගොඩක් වාසනාවන්ත වෙලා.ඒ දේවල් එක්ක පසුගිය කාල සීමාව පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“ඇත්තටම විවාහ වුණාට පස්සෙ දුවගේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. නමුත් දැන් ඇය ටිකක් ලොකුයි. ඒ නිසා මට නැවතත් නිර්මාණවලට දායකත්වය දෙන්න පුළුවන්. ඇත්තටම ඒ කාලේ වැඩිය නිර්මාණවලට සම්බන්ධ වුණේ නැත්තේ දුවගෙ වැඩ කරන්න ඕන නිසා.නමුත් දැන් හිතනවා දුව ටිකක් ලොකු නිසා නිර්මාණවලට සම්බන්ධ වෙන්න වෙලාව තියෙනවා කියලා. ඉදිරියේදී ලැබෙන හොඳ දේවල් බාර ගැන කරන්න හිතාගෙන ඉන්නවා”
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25