hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2024 මැයි 07, පෙ.ව. 9:04



ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත ඔවුන් අද පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: