hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 12, පෙ.ව. 12:08



බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති විශේෂ නිවේදනයක සඳහන් වන්නේ , තායිලන්තයේ තාවකාලික පැවිද්ද සඳහා මෙරට රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර ඇති අතර එහි අරමුණ වන්නේ තායිලන්ත රජුගේ ජන්ම දිනය මූලික කරගණිමින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම බව තායිලන්ත රජය පවසයි.

ලබන ජුනි මාසයේ දින 15ක් පුරාවට මෙම වැඩසටහන තායිලන්තයේ දි පැවත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, මෙම අයදුම්පත් ලබාගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදු කරනා බවයි.

වැඩසටහන සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු  වෙඩ් අඩවිය වන www.mbs.gov.lk ඔස්සේ ලබාගත හැක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: