hit counter

2026 ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 13, පෙ.ව. 9:12



එළඹෙන 15 වැනිදා රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී දින 91 කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් සහ දින 182ක් පිරෙන රුපියල් 77,500ක බිල්පත් වෙන්දේසි කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

එමෙන්ම, දින 364ක් පිරෙන රුපියල් මිලියන 55,000ක බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

මේ අතර, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බව ඔහු පැවසුවා.

එමෙන්ම, මීට පෙර එලෙස ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: