2022 ජූනි 23, ප.ව. 3:30
ඉන්ධන පිරවුම් හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු සහ යුධ හමුදා නිලධාරියෙකු අතර ගැටුමක් දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
අදාල සිදුවීම වාර්තා වරකාපොළ ප්‍රදේශයෙන්.
එම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුධ හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින් බස් වීමක් ඇති වී තිබෙනවා.
පසුව එම නිලධාරීන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.
එලෙස පහර කෑමට කෑමට ලක්වූ පොලිස් නිලධාරිවරයා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 ජූනි 26, ප.ව. 5:12
2026 ජූනි 26, ප.ව. 5:10
2026 ජූනි 26, ප.ව. 4:56
2026 ජූනි 26, ප.ව. 4:17
2026 ජූනි 26, ප.ව. 3:42