2026 ජූනි 26, ප.ව. 3:42
අද (26) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කර සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
එසේම මේ වන විට රජය ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දී ඇති බවත් එම සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කළා.
එබැවින් අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට පීඩනයක් ලබා දීමට කටයුතු නොකරන බැවින් යළිත් වරක් එම සහනාධාරය ලබා දිය හැකිද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දැනුම්දීමට නියමිත බවයි.
මේ අතර මැදපෙරදිග යුදමය තත්ත්වය යටතේ ශීඝ්‍ර ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල එම මිල ගණන්වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ දැමීමට රජයට සිදුවූ බවත් අනිල් ජයන්ත මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් එම ඉහළ ගිය ඉන්ධන මිල ගණන් යළි පහළ බසිමින් ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා එම ඉන්ධන මිලට ඉන්ධන ඇනවුම් කිරීමේදි එහි වාසිය මහජනතාවට ලබා දිය හැකි බවද මෙහිදී කියා සිටියා.
එසේම මේ වන විට ලංකාවේ පවතින සහ ඉදිරි මාස දෙක තුළ ලැබීමට නියමිත ඉන්ධන ඉකුත් මාසයේදී ඇනවුම් කළ ඉන්ධන බැවින් ඉදිරියේදී ඇනවුම් කරන ඉන්ධන මිල සඳහා එම පිරිවැය ආවරණය කරමින් එහි වාසිය ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා. “
2026 ජූනි 26, ප.ව. 4:56
2026 ජූනි 26, ප.ව. 4:17
2026 ජූනි 26, ප.ව. 12:45
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:52
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26