2024 මැයි 16, පෙ.ව. 12:01
ඊයේ (15) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් විය.
එලෙස විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සඳහන් කළේ මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම නිසා මතුවන ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ය.
මේ අතර, විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු 02ක් ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා.
පසුගිය 06 වැනිදා 2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.
එලෙස ආරම්භ වූ එම විභාගය අදින් අවසන් වුණ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.
2025 අගෝස්තු 27, පෙ.ව. 12:20
2025 අගෝස්තු 27, පෙ.ව. 12:15
2025 අගෝස්තු 27, පෙ.ව. 12:13
2025 අගෝස්තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්තු 27, පෙ.ව. 12:04
27-08-25
27-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25