2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:03
නැවෙන් ගොඩබාන මිලටම පාරිභෝගිකයාට ඉන්ධන ලබා දිය හැක්කේ කවදාදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන මිල තීරණය වන්නේ අදාළ තොග මෙරටට පැමිණි කාලය සහ ඒ සඳහා වැය වූ පිරිවැය මත පදනම්ව බවයි.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගියදා පෙට්‍රල් මිල අඩු කළ ද ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු නොවීම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.
ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කිරීම සාමාන්‍ය ජනතාවට සහ ධීවර ප්‍රජාවට සෘජුවම බලපාන බවත්, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද රථ ගාස්තු හෝ භාණ්ඩ මිලෙහි සාපේක්ෂ අඩුවීමක් දක්නට නොලැබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජයේ අරමුණ සියලුම ඉන්ධන වර්ගවල මිල අඩු කර ජනතාවට සහන සැලසීම වුවද, ඇණවුම් කර ඇති නැව් ගාස්තු සහ පවතින තොගවල පිරිවැය කළමනාකරණය කරමින් එම තීරණ ගත යුතු බවයි.
ඇතැම් අවස්ථාවලදී සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර අඩු කිරීමට නොහැකි වන්නේ මෙම තාක්ෂණික හේතූන් මත බව ඔහු පැහැදිලි කළේය.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ මැදපෙරදිග අර්බුදය වැනි කරුණු ද ඉන්ධන මිල කෙරෙහි බලපාන බවත්, ඉදිරි මාසය වන විට තත්ත්වය ස්ථාවර වුවහොත් සියලුම ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ත්‍රිරෝද රථ ගාස්තු වැනි ක්ෂේත්‍ර නියාමනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, සහන ලබා දිය හැකි පළමු අවස්ථාවේදීම රජය ඒ සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26