hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 11:39



ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙලීමට ජාත්‍යන්තර මූඩීස් ආයෝජන සේවාව තීරණය කර තිබෙනවා.

ඒ, විදේශ ණය මුදල් පියවීම අත්හිටුවීමට රජය ගනු ලැබූ තීරණයත් සමගයි.

මූඩීස් ආයෝජන සේවාව මගින් මෙතෙක් CAA2 ලෙස ලබාදී තිබූ මෙරට ණය ශක්ති වර්ගීකරණය පහත හෙළා ඇත්තේ CA ලෙසින්.

මෙරට විදේශ ණය වාරික පියවීම් පළමු පැහැර හැරීමට ලක්වීමට නියමිතව තිබුණේ ඊයේ (18) දිනයේදියි.

මූඩීස් අයෝජන සේවාව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ණය දායකයන්ට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩු සිදුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

විදේශ සංචිතය පිරිහීම, ගෙවුම් ශේෂ හිගය ඉහළ යාම, ආහාර සහ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය සහ ඍජු විදේශ ආයෝජන ප්‍රකෘතිමත්වීම මන්දගාමී වීම ද මෙරට ආර්ථිකයේ ඍණාත්මක ප්‍රවනතාවන් ලෙස මූඩීස් ආයෝජන සේවාව හඳුන්වනු ලැබුවා.