2024 මැයි 31, පෙ.ව. 12:02
එදා දවස, කාටවත් අමතක කරන්න බැරි තරම්.
මොකද ඒ අඳුරු මතකවල අදරත් ජීවත්වෙන මිනිස්සු අපේ සමාජයේ ඕනෑතම් ඉන්නවා.
තිළිණා.. වසර ගණනකට පසු අපෙන් සමුගත් ඇය නිසාත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මතක අපට අයේත් අලුත් වෙනවා.
“අම්මේ ඔයා ජීවතුන් අතර සිටියා නම් අද මම ඔයාගෙන් ආශිර්වාද ලබාගෙන විභාගයට යනවා නේදැයි“කියමින් කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර පහක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වැනිදා මිය ගිය තිළිණා හර්ෂණීගේ (39) වැඩිමල් දියණිය ලයරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහය ඉදිරිපිට කඳුළු පිරි දෙනෙතින් බලා සිට එසේ පවසමින් පාසලේ වාර විභාගයට ඊයේ(29)පිටත්ව ගියේ ගුරුවරියක් සමඟිනි.
තිළිණා හර්ෂණී ඇගේ මවත් දරුවන් තිදෙනාත් සමඟ 2019 අප්‍රේල් මස 21වැනි දින උදෑසන නිවසින් පිටව යන්නේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගීවීමටයි… දේව මෙහෙය අවසන් වෙමින් තිබුණා.
මාරයාගේ බැල්ම කටුවපිටිය ගම්මානයම මළ ගෙයක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසිවිටකත් දැන සිටියේ නැහැ.
තිළිණා හර්ෂණී ඇගේ දරු පැටවුන් තිදෙනාත් තැන තැන වැටී සිටි අයුරු තිළිණාගේ මව දුටුවා.
මවට පළමුව කළ හැකි වූයේ කෑ මොර දීම පමණයි.
ඒ වන විටත් තිළිණාගේ දෙවැනි දරුවා මෙලොව හැර ගොස් හමාරයි.
කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට නිවසට පැමිණි අවසන් තැනැත්තිය වන්නේද තිළිණායි.
ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිළිණා නිවසේ විශේෂ කාමරයක පැය 24 පුරාවට සිටි හෙදි නිලධාරියකගේ සහාය ඇතිව කල් ගත කළා.
මුළු කටුවපිටිය ග්‍රාමයට කළු වලාවක් ඇති කරමින් පසුගිය 27 වැනි දින තිළිණා හර්ෂණී නමැති තිදරු මව සඳහටම දෙනෙත් පියා ගත්තාය. ඒ බෝම්බ ප්‍රහාරයෙන් වසර පහකට පසුවයි.
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 15, ප.ව. 12:01
2025 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25