2024 ජූනි 06, ප.ව. 12:06
පොලීසිය පැවසුවේ හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ ඊයේ (05) හවස පාසල් සිසුවෙක් විසින් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමකින් එම පහරකෑ 15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම පහරදීමෙන් පසු සිසුවා හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව 10 වන වසර පාසල් සිසුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු හම්බන්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන අතර ඊයේ සිප්පිකුලම ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ගොස් තිබිණි.
පොලීසිය පැවසූවේ හම්බන්තොට වෙනත් පාසලක 12 වසර සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන වසරේ සිසුවාට පහරදී ඇති බවයි.
පහරදීමෙන් සිසුවාගේ හිස ප්‍රදේශයට හානිවී ඇති අතර තියුනු කැපුම් තුවාලද දක්නට ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි..
කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතට පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.
2025 මැයි 18, ප.ව. 4:49
2025 මැයි 18, ප.ව. 4:46
2025 මැයි 18, ප.ව. 4:42
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12