hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 ජූනි 10, පෙ.ව. 12:06



ISIS ත්‍රස්තයන් ඇයි පවසමින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් සිව් දෙනාම විසින් නිෂ්පාදනය කරන වීඩියෝව මෙරටදි සිදු කරන ලද රූගත කිරීමක් බව හෙළි වී තිබෙනවා.

එම සිව් දෙනා දිවුරුම ලබා දීමට යොදා ගන්නා ලද අත මාරුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

සාමාන්‍යයෙන් ISIS ත්‍රස්තයන් දිවුරුම් දෙන්නේ දකුණු අතේ දබරඇගිල්ල ඔසවා වුවත් මෙවර ඉන්දියාවේදී හසු වූවන් තම වම් අත උස්සා වැරදි ලෙස වීඩියෝ ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම වීඩියෝව ව්‍යාජ එකක් බවට වීඩියෝ කරණය කළ පුද්ගලයාගෙන්ද තොරතුරු හෙළි වී ඇත.

කෙසේ නමුත් මෙය අන්තවාදී සිදුවීමක් නොවන බවට හෙළි වීමත් සමඟ රටේ ප්‍රතිරූපයට හානියක් වන නිසා මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත නිවේදනයක් නිකුත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: