hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 11, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුර වෙත පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවන්ට අමතරව 400කට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පසුගියදා අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ බවසඳහන් කළේය.

දිවයිනේ නන්දෙසින් අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය වෙත පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ඇතුළු පොසොන් කමිටුව සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැළසුම් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: