hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 16, පෙ.ව. 12:23



අවුරුදු 5ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එම ආයතනය පවසන්නේ, අයවැයෙන් ළමා පෝෂණය වැඩි කිරීමට පොරොන්දු වුවද තාමත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාදී නොමැති බව‍යි.

තෝරාගත් දිස්ත්‍රීක් හයක උග්‍ර මන්දපෝෂණය පවතින දරුවන් 5,640ක් හදුනාගෙන තිබෙන බවද එම ආයතනය පවසනවා.

එවැනි එක දරුවකුට රු.15,000 බැගින් මාස 6ක් දක්වා ලබා දීමට අයවැය මගින් යෝජනා කොට තිබුණා.

නමුත් මේ දක්වා මුදල් අමාත්‍යංශය එවැනි මුදලක් වෙන් නොකළ බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.

රුපියල් කෝටි 50ක මුදලක් පෝෂණ අතිරේක වැඩසටහන සඳහා යොදවන බවට අයවැය මගින් යෝජනා කොට තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: