hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:04



වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ඒ ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති හේතුවෙන්.

ඒ අනුව වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පොල් සංවර්ධන අධිකාරිය පැවසුවා.

පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නොමැත.

මීට පෙර ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා අයකරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැත.

කෙසේ වෙතත්, නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බල නොපායි.

එමෙන්ම, පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් බවත් ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහණය කරන නෞකා නොවන බැවින් නැව් ගාස්තු ඉහළ යාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළ යාමට බලපෑමක් එල්ල කරන්නේ නැති බවත් වැඩිදුරටත් එම සමාගම පේනවා දෙනු ලැබුවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: