2024 ජූනි 20, ප.ව. 7:59
කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.
ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.
අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.
ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.
කවී ජනප්‍රිය තාරකාවක් වන කාවින්ද්‍යා අධිකාරිට කවුරුත් ආදරේට කියන්නෙ එහෙම.
අතුල – සමිතාගේ එකම දෝණි ඈ.
ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැන රසිකයින්ගේ යම් යම් විවේචන තිබුණත්, කවුරුත් කවීට ආදරේ කරන්නේ මේ පවුලේ ඉන්න ආදරණීයම හිත් ඇත්තිය හැටියට.
අද ඇයට විශේෂ දවසක්. මොකද කවීගේ උපන්දිනය අද.
දෝණිගේ උපන්දිනයට සමිතා තබා තිබූ සුබපැතුම තමයි මේ.
”Happy Birthday මගේ රත්තරන් දුව..
අම්මි පන වගේ ඔයාට ආදරෙයි.
අම්මි ජීවත් වෙලා ඉන්න කල් ඔයාව පන වගේ බලාගන්නවා
බුදුසරණයි මගේ රත්තරන්”
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24