hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 22, පෙ.ව. 12:02



ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නිකන්ම නිකන් කයිවාරුකාරයෙක් බවත් ඔහු රටට කළ එක වැඩක් හැකි නම් කියන ලෙසත් හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අභියෝග කරයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ලෙස වැව් දසදහසක ව්‍යාපෘතියක් ආරම්භ කළ ද හැදූ එක වැවක් නොමැති බව හෙතෙම සඳහන් කරයි.

විශාල මුදලක් වැය කොට වැව් පතුල් හාරා වැව් විනාශ කළ බවත් අවසානයේ එම මුදල්වලට සිදු වූ දෙයක් නොමැති බවත් මර්වින් සිල්වා පෙන්වා දෙයි.

රටක නායකත්වය ලබා දිය යුත්තේ ඇමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ ප්‍රගති වාර්තාව බලා බවත් හෙතෙම කීය.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් මර්වින් සිල්වා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: