hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 22, පෙ.ව. 12:04



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

ඉතින් මෙහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන අතරතුරම ඇය හරි අපූරූ ෆොටෝෂුට් එකක් කරලා තිබුණා.

රතු පාට සාරියකින් සැරසුන ඇයගේ මේ ෆොටෝ ෂූට් එකට විශාල ප්‍රතිචාරයක් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ලැබිලා තිබුණා.

බලන්නකෝ මොන තරම් සුන්දරද කියලා ඇයගේ මේ ඡායාරූප ටික.

ඇයව මෙහෙම ඡායාරූපයට හසු කරගෙන තිබුණේ ගයාන් කරුනාරත්නයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: