2024 ජූනි 22, පෙ.ව. 8:25
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටින බවට ආරක්ෂක නිලධාරියා විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබෙනවා.
2026 ජනවාරි 31, පෙ.ව. 12:29
2026 ජනවාරි 31, පෙ.ව. 12:26
2026 ජනවාරි 31, පෙ.ව. 12:20
2026 ජනවාරි 31, පෙ.ව. 12:15
2026 ජනවාරි 31, පෙ.ව. 12:09