2024 ජූනි 25, ප.ව. 1:10
සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගැනීමේ පසු පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකදි පුද්ගලයන් දෙලොස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසිය පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවූ පිරිසක් වන අතර සිද්ධියට මුල් වූ තරුණිය 21 හැවිරිදි වියේ පසුවෙයි.
එම කාන්තාව හදුනාගැනීමෙන් අනතුරුව මීනි පෙට්ටියේ වැතිර සිටි සැමියා ඇයට පහරදීමට තැත් කිරීමත් සමග ඇය සමග සිටි අනෙක් පිරිසද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයාට පහරදීමත් සමග හොල්මන් ලෙස පෙනී සිටි සෙසු තරුණයන් එම පැමිණ පිරිසට පහරදී තිබෙනවා.
අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්වී ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැති බවත් හෙළිවී තිබේ.
එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.
2025 ජූලි 04, පෙ.ව. 12:06
2025 ජූලි 04, පෙ.ව. 12:02
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25