hit counter

2024 සැප්‍තැම්‍බර් මස 29 වන ඉරිදා

2024 ජූනි 27, පෙ.ව. 12:01



හේෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක්.

දැනට නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ජ්‍යේෂ්ඨතම නිරූපණ ශිල්පියා වන්නේ ද ඔහුයි.

පසුගිය කාලයේ නම් හේෂාන් මනුලව අපිට නිර්මාණ තුළින් දකින්න ලැබුණේ නැහැ.

ඇත්තටම හේෂාන්ට මොකද වුණේ කියලා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ සඳහන් කළා.

කාලයකින් ඔබව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ, බොහො දෙනෙක් ඔබ ගැන හොයලත් තිබ්බා. ඇත්තටම හේෂාන් ඔබට මොකද වුණේ?

ඔව් මම මාස පහක් පමණ කාලයක් කලා කටයුතුවලින් සහ මෝස්‌තර නිරූපණ කටයුතුවලින් ඈත් වෙලා හිටියා. ඒ මම සයටිකා කියන රෝගී තත්වයට මුහුණ දුන්නු නිසා. ‘හිත ළඟ හිනැහුණා‘ නාට්‍යයේ වැඩ කරමින් ඉන්න අතර තමයි මට රෝගී තත්වය උත්සන්න වෙලා සම්පූර්ණයෙන් රෙස්ට් කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණේ.

දැන් කොච්චර කාලයක් ප්‍රතිකාර ගත්ත ද?

කොළඹ Durdans රෝහලේ Durdans Physiotherapy Department එකෙන් මාස පහක් Physiotherapy ප්‍රතිකාර ලබා ගත්තා. ඒ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රධාන කොටසක් ලෙස මට ගෙදරදී තනියම කරන්න ව්‍යායාම ක්‍රම ඔවුන් පුහුණු කළා. හරිම අමාරු, වේදනාකාරී කාලයක් වුණා ඒ මාස ගණන.

මේ වෙද්දී ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

දැන් නම් 90%ක් පමණ සුවයි. රෝහලට පැමිණ කරන ප්‍රතිකාර අවසන්. නමුත් වෛද්‍ය උපදෙස් මත තවමත් නියම කළ ව්‍යායාම දිනපතා කරනවා. දැන් මට තනියම වැඩ කර ගන්න පුළුවන් සහ මගේ සාමාන්‍ය වෘත්තිමය කටයුතුවල යෙදෙන්නත් දැන් වෛද්‍ය අවසරය තියෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: