2024 ජූලි 07, ප.ව. 1:51
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (6) කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කොළඹ කණ්ඩායම ලකුණු 2ක තියුනු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 199ක් හිමි කරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නුවර කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ හිමිකරගත හැකි වුයේ ලකුණු 197ක් පමණි.
තරඟ අවසානයේ දෙපිලේ ක්‍රීඩකයන් අතට අත දී සුභ පතාගැනීමේදී නුවර කණ්ඩායමේ නායක වනිදු හසරංග හා කොළඹ කණ්ඩායමේ උප නායක චාමික කරුණාරත්න අතට අත දීමෙන් වැළකී සිටිනු මාධ්‍ය හරහා විකාශනය විය.
එමෙන්ම පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලියට ද තමන් සහභාගි වන්නේ චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවත් කළහොත් පමණක් බවට වනිදු හසරංග දැනුම් දුන් බවටද එකල වාර්තා පල විය.
කෙසේවෙතත් මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයන්ට ලක්ව ඇති අතර, ක්‍රීඩකයන් අතර පෞද්ගලික ගැටුම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වල පල්ලට ඇද දැමූ බව ප්‍රේක්ෂකයන් පෙන්වා දෙයි.
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25