2024 ජූලි 09, ප.ව. 3:35
මීට වසර දෙකක් හෝ එකහමාරකට පමණ පෙර ඉතා සංවේදී කවි පෙළක් Facebook තුළින් දැකගන්නට ලැබුණා.
එහි විශේෂ දේශපාලනික හෝ සමාජ දෘෂ්ටියක් තැවරී නොතිබුන අතර ඉතා සංවේදී රූපක ගොන්නකින් පිරී තිබුණා.
“හමාර බණවර” යනු හුදෙක්ම බෞද්ධ සංස්කෘතියට ඉතාමත් හුරුපුරුදු වචනයකි.
එය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණා අතර ජනප්‍රිය වන්නේ අවසන් යුගය හෙවත් “ආටානාටිය සූත්‍ර” දේශනාව දේශනා කරන වේලාව ඇගවීමට ය.
මෙය මෙම මාතෘකාව තුළින් කවියට අමුතු ගුප්ත ආකාර හැඟීමක් කිවිදිය විසින් දැන හෝ නොදැන එක් කොට අති අයුරු අපූරුය.
මන්ද යත් මෙම කවිය තුළින් කියන්නට උත්සහ කෙරන්නේ “පියෙකුගේ ගුණ මහිමය සහ පියෙකුගේ අවසාන මොහොත” පිළිබඳව නිසාය.
එනිසාම මෙම මාතෘකාවම කවියට ඇතුළත් වීමේ දීම අමුතු හැඟීමක් එකතු කර තිබීම කවියේ විශේෂත්වයක් වෙයි.
රවී රොයිස්ටර් ගායනා කරන හමාර බණවර ගීතය මේ වෙනකොට බොහෝ දෙනෙක් ආදරය කරන ගීතයක් බවට පත් වෙලා හමාරයි.
ඒ ගීතය පසුගියදා අශාවරී සංගීත කණ්ඩායම විසින් ගායනා කර තිබෙන අයුරු දක්නට ලැබුණා.
ඒ සම්බන්ධයෙන් එම ගීතයේ ගායක රවී රෝයිස්ටර් සිය අදහස මෙසේ පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ආශාවරී සංගීත කණ්ඩායම මේ වෙනකොට සිය මුහුණුපොතෙන් එම ගීතය ඉවත් කොට සටහනක් තබා තිබෙනවා.

2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26