hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූලි 16, පෙ.ව. 12:02



පුංචි තිරය මත නොදුටු ටික දිනට ඇය කොහේදැයි විමසූ පිරිස බොහෝය.

එතරම්ම ප්‍රේක්ෂකයන් ඇය කෙරෙහි ආදරණීය වී තිබිණි.

ඇය නැවතත් පැමිණ ඇත.

ඒ කිසිදා නොදුටු පෙනුමකිනි.

ඇය සහස්‍රාය.

ඒ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ශාන් ජයරත්නගේ MAIN CHARACTER ටෙලි නිර්මාණයේය.

සුසුම් රස්තියාදුවේ එරන්දතී වූ ඇය අක්ෂිහි නිම්මි වූවාය.

ගරුඬ මුහුර්තයෙහි පුසුඹිගේ චරිතය උදෙසා 2021 සිග්නීස් සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානිතවූ ඇය අනුරාධා එදිරිසිංහය.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් පළ කර තිබෙනවා.

ඔබ අක්ෂි ටෙලි නිර්මාණයේ නිම්මි. අක්ෂි සමහර වීඩියෝ ක්ලිප්ස් සමාජ මාධ්‍යයේ ඉතාම වේගයෙන් සංසරණය වුණා නේද?

ඔව්. අක්ෂි ටෙලි නිර්මාණයේ නිම්මිට අදටත් ප්‍රතිචාර ලැබෙනවා. දවසක් මං වෙඩින් එකකට ගිහින් හෝල් එකට ඇතුළු වෙද්දිම “උඹ හෙන කැතයි යකෝ” කියල කවුද කෑ ගැහුවා. එකපාරටම මං අප්සට් ගියා. පස්සෙ මතක් වුණේ මේ අක්ෂි එකේ සෑහෙන වයිරල් වුණු කෑල්ල නේද කියලා. නිම්මි කියන්නෙ කියන දේ මූණටම කියල දාන කෙල්ලෙක්. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැතුවම හොඳ ප්‍රතිචාර ලැබුණා. නංගිල පෞද්ගලිකව මට මැසේජ් දාල තිබුණා අනේ අක්කෙ අපිට ඔය ටික කියාගන්න බැරුව හිටියේ. දැන් අපට මේක යවන්න පුළුවන් කියලා. පිරිමි ළමයි ඒක ශෙයාර් කරල තිබුණෙ මේ වගේ කෙල්ලෙක් නම් හා කියලා.

අනුරාධා හැමදාම කියන්නෙ විවාහ වුණාම අම්මා වගේ ගෘහිණියක් වෙන්න කැමැතියි කියලනෙ. කවද්ද ඉතින් එහෙම වෙන්නේ?

මං හිතන්නෙ හැමදේටම අදාළ කාලයක් තියෙනවා. ඒ දවස එනකල් කලබල නොකර ඉන්නවා. ජීවිතේ කියන්නේ ක්ෂණිකව වෙනස් වෙන දෙයක්. ඒක මං අත්දුටුවේ මගේ තාත්තගේ මරණයත් එක්ක. ජිවිතයත් එහෙමයි, මරණයත් එහෙමයි. මෙදා වේවි කියලා අපිට කලින් තීරණය කරන්න බෑ. මේ ක්ෂේත්‍රයේ කෙනෙකුට නම් කැමැති නෑ. මං හැමදාම දැක්කේ ගෘහිණියක් විදිහට අපේ අම්මා ගෙදර හැමදේමත් කරගෙන අපේ වැඩක් කරලා, තාත්තගෙ හැමදේමත් හරිම පිළිවෙළට කරන විදිහ. දැනට මං මොන රැකියාව කළත් විවාහයෙන් පස්සේ අම්මා වගේ හොඳ ගෘහිණියක් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: