2024 ජූලි 18, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ කොළඹ හයිඩ් පිටියේ පසුගියදා පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමිනි.
එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණය සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස හඳුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලසීමාව තුළ පැවැති හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි අභියෝගවලට මුහුණ දුන් දේශපාලන පක්ෂයක්. අපි අභියෝග හමුවේ පලාගියේ නෑ. කොටි ත්රස්තවාදයට මුහුණදීමේ අභියෝගයේ සිට අද දක්වා රටක්, ජාතියක් ලෙස මුහුණදුන් හැම අභියෝගයකටම සාර්ථකව අපි මුහුණ දුන්නා.
මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන බව අපි විශ්වාස කරනවා. නාගරික සමාජයේ ජීවත් වන මේ ජනතාවට ජීවිතයට අවශ්‍ය වටිනාකමක් අපි දෙන්න ඕනා.
කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ. එදා මේ ප්‍රදේශවල පාරවල යන්න නොහැකි තත්ත්වයක් තිබුණේ. නාගරික දුප්පත් මිනිසුන්ගේ ගෙවල්වලට මුඩුක්කු, පැල්පත් කිව්වා. කොරියාව කියා කිව්වා. ඒ ජනයාට ගෞරාවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාට දැක්මක් තිබුණා. ඉලක්කයක් තිබුණා. මුඩුක්කු නිවාස වෙනුවට මහල් නිවාසවල ජීවත්වන මවූපියන්ගේ දරුවන් බවට පත්කරන්න. ඒ දරුවන් ආශාවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙළ අපි 2005 – 2010 සිට ආරම්භ කරගෙන ආවා. අද කවුරු මොනවා කිව්වත් කොළඹට ආවාම මේ දකින හැම ගොඩනැඟිල්ලක්ම සියල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි.
ඊයේ පෙරේදා ජනාධිපති රනිල් විවෘත කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලමට මුල්ගල තිබ්බේ අපි. 2022 විවෘත කරන්න හිටියේ. යම්කිසි හේතුවක් නිසා එය නතර වුණා. විවෘත කිරීම ගැන සතුටුයි.
කොළඹ වරාය නගරය අපි හැදුවේ ආයෝජකයන් ගෙන්වා ගන්නයි. සමහර දේශපාලන පක්ෂ කිව්වේ සීගිරිය කඩලා ගල් ගෙනවිත් මුහුද ගොඩකරලා අලුත් නගරයක් හදනවා කියලයි. නමුත් වරාය නගරය තුළ තිබෙන සංකල්පය ඇතැම් දේශපාලනඥයන්ට තේරුම් ගත නොහැකිවීම කනගාටුවක්. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ බැංකු පද්ධතිවල කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ විශිෂ්ට ගනුදෙනු මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය කරන්න අවශ්‍යයි. කොළඹ වරාය නගරය ලෝකයේ විශිෂ්ටතම ගනුදෙනු කේන්ද්‍රයක් බවට පරිවර්තනය වන විට එහි ගොඩනැඟෙන රැකියාවලට මේ කොළඹ නගරයේ තරුණ තරුණියන් සූදානම් කළ යුතු වෙනවා.
අවාසනාවකට 2015න් පස්සේ අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවත් ඒකට උත්සාහ කළා. වසර දෙකයි අපිට පාලනය කරන්න ලැබුණේ. ඒ වසර දෙකහමාර තුළ වැඩි ප්‍රමාණයක් කොවිඩ් සමඟ ගනුදෙනු කරන්න සිදුවුණා.
ඉදිරියේදී හදන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව කොළඹ පැල්පත් නිවාසවල ජීවත්වන මවුපියන්ට, දරුවන්ට මහල් නිවාස යෝජනා ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක විය යුතු වෙනවා. කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නත් අපි කටයුතු කරනවා.
නෙලුම් කුලුන හදන විට එයින් එහාට ගිය දැක්මක් අපිට තිබුණා. ලංකාවේ තාක්ෂණ ගම්මාන 5ක් බිහිවන විට එම ගම්මාන සමඟ බිහිවුණු නෙලුම් කුලුන තුළ මේ රටේ තාක්ෂණ විප්ලවයක් ඇති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සංවිධානය කර තිබුණා.
ඉදිරි කාලසීමාව තුළ අපි බිහි කරන ආණ්ඩුවක් තුළින් කොළඹ වරාය නගරයත් නෙලුම් කුලුනත් කේන්ද්‍ර කරගත් තාක්ෂණ ගම්මාන කේන්ද්‍ර කරගත් ආර්ථික විප්ලවයක් ඇති කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ලබා දෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයයි. අපි විශ්වාස කරනවා නූතන ආර්ථික පරිවර්තනයට අපේ රට රැගෙන යා යුතු වෙනවා. රාජ්‍ය සේවය ආර්ථික හා තාක්ෂණික විප්ලවයට රැගෙන යා යුතු වෙනවා. අපි රාජ්‍ය සම්පත් රකින්න අරගල කරනවා. අපි රාජ්‍ය සම්පත් දියුණු කරන්න අරගල කරනවා. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්නවා වගේම ආයෝජකයෝ ගෙනැවිත් ඒවා දියුණු කරන්න සටන් කරනවා.
මේ රටේ මහජනතාව අපහසුතාවට පත්වන තැනට අපි වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැහැ.
වෘත්තීය සමිති සහ ආණ්ඩු අතර හොඳ අවබෝධයක් පැවැතිය යුතු වෙනවා. පක්ෂ භේදයකින් තොරව වෘත්තීය සමිතිවලට ආණ්ඩුව ඇහුම්කන් දිය යුතු වෙනවා. ආණ්ඩුවක් විශ්වාස කරනවා නම් වෘත්තීය සමිති තළලා, පෙළලා රට පාලනය කරන්න පුළුවන් කියලා. එසේ වෙන්නේ නැහැ. අපි ඒ අයත් සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. අවබෝධයකට පැමිණිය යුතු වෙනවා. එකතු වෙලා රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්
2005 වසරට පෙර අපේ රට පැවැති තත්ත්වය අපි දන්නවා. කිසිදු සංවර්ධනයක් සිදුව තිබුණේ නැ. රට පුරා ත්‍රස්තවාදී බියක් පැවැතියා. පාසල්වල ගේට්ටුව මුරකරන්න මවූපියන්ට සිදුවුණා. බලාපොරොත්තු බිඳවැටුණු රටක අපි හිටියේ. නමුත් 2005 වසරේදී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරන්න අවශ්‍ය පියවර ගත්තා.
එයින් පසුව රට සංවර්ධන මාවතට යොමු කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ රටේ සංස්කෘතියක්. එතුමා සමඟ මේ රටේ ජනතාව හැමදාමත් ඉන්නවා.
පසුගිය කාලයේ විවිධ කුමන්ත්රණයන් ක්‍රියාත්මක වුණා. නමුත් රටේ ජනතාව කුමන්ත්‍රණ හොඳින් අවබෝධ කරගත්තා. අපේ පක්ෂයේ පළුවක් ගලවන්න දැන් සමහරු උත්සාහ කරනවා. මේ පක්ෂයට එකතු වෙලා ඉන්නෙ රටට ආදරය කරන ඒකීය රටක් අපේක්ෂා කරන, ජාතික සම්පත්වලට ආදරය කරන ජනතාවක්.
ඇමැතිකම්, තනතුරුවලට අපි ඒ ජනතාව පාවා දෙන්නේ නෑ. අපි රට වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39
18-12-24
18-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
14-12-24
14-12-24
13-12-24
13-12-24
05-12-24
05-12-24
02-12-24
02-12-24
27-11-24
27-11-24
23-11-24
23-11-24
19-11-24
19-11-24
18-11-24
18-11-24
17-11-24
17-11-24