hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2024 ජූලි 25, පෙ.ව. 12:55



ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ මූලික වටයේ ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී තායිලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබා ගත්තේය.

කවීෂා දිල්හාරි ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 11.3කදී කිසිවෙකු නොදැවී ලකුණු 94 ක් ලබා තරගය ජය ගත්තා.

චමරී අතපත්තු නොදැවී ලකුණු 49ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව තරගයේදී පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතය.