2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
කොළඹ SSC ක්රීඩාංගණයේදී පැවැතුණු තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503ක් ලබා ඉනිම අත් හිටුවුවා.
පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 290ක් පමණයි.
මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් සහ සොනාල් දිනූෂ ලකුණු 103ක් ලබා ගත්තා.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා පිළ තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 429ක් ලබා සිටියා.
කේෂර නුවන්ත ලකුණු 46ක් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක් ලබා ගත්තා.
ශ්රී ලංකාව පරාජයෙන් ගලවා ගත් සොනාල් නොදැවී ලකුණු 133ක් රැස්කළා.
මෙය සොනාල්ගේ තෙවැනි ටෙස්ට් ශතකය වන අතර එම ශතක තුනම,මෙවර ඉන්දීය ටෙස්ට් තරග දෙකේදී වාර්තා වීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගය ජය ගත් ඉන්දියාව තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගත්තා.

2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37