hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 ජූලි 30, ප.ව. 5:21



හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ සත්කාරය සඳහා නම් දැරූ ජනප්‍රිය ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන BKT Nano Pro පසුගියදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබිණි. කේශ සත්කාරය සඳහා නැනෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු සුවිශේෂී හේතූන් නිසා ජාත්‍යන්තර රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්ව ඇති BKT Nano Pro මෙරටට හඳුන්වා දීම ජනප්‍රිය ආරාධිතයින් සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු පිරිසක් සහභාගී වූ වර්ණවත් උත්සවයකදී සිදු කෙරිණි.      

“BKT Nano Pro ජාත්‍යන්තර කීර්තිමත් බ්‍රසීල රූපලාවණ්‍ය තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කර ඇති ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක්’ BKT Nano Pro ශ්‍රී ලංකාවට හඳුන්වාදීම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඉතා වැදගත් අවස්ථාවක් බව අපේ විශ්වාසයයි. ඒ වගේම BKT Nano Pro සියලුම ආකාරයේ හිසකෙස් වර්ග වලට ගැළපෙන සහ සියලුම ආකාරයේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයේ කෙස් කළඹක් ලබා දිය හැකි නිෂ්පාදනයක් නිසා  ශ්‍රී ලාංකික කාන්තාවන්ට ඉතාමත්ම ගැළපෙන නිෂ්පාදනයක් බව පැවසිය යුතුයි. විශේෂයෙන්ම සැලෝන් සහ රූපලාවණ්‍ය ආයතනවලට BKT Nano Pro ඉතා වැදගත් වෙනු ඇති.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් BKT Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂිකා ඊෂා කුලතුංග මහත්මිය පැවසීය.

BKT Nano Pro භාවිතයට ඉතා පහසු වන අතර නැනෝ අංශු වශයෙන් හිසකෙස් තුළට විනිවිද යන ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සංයෝගයට හිසකෙස් වලට නව ජීවයක් ලබා දීමට හැකිය. මෙහි අන්තර්ගත කාබනික අම්ල, ඔමේගා 3 වලින් පොහොසත් පෝෂ්‍යදායී හණ තෙල් සහ සෙරිසින් වැනි අමුද්‍රව්‍යවලට හානියට පත් හිසකෙස් පෝෂණය කර, යථා තත්ත්වයට පත් කිරීමට හැකි අතර හිසකෙස්වලට සුමුදු දිදුලන ස්වභාවයක් එක් කරයි. එමෙන්ම BKT Nano Pro වල සාම්ප්‍රදායික කෙරටින් ප්‍රතිකාර වල අන්තර්ගත Formaldehyde, Carbocysteine, Guanidine සහ Hydroxide වැනි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ.

පාරිසරික සංරක්ෂණය සහ තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන් BKT සමාගම සිය නිෂ්පාදන කටයුතු වලදී සහ ඇසුරුම් ප්‍රවාහන ක්‍රියාවලියේදී පරිසරයට අවම බලපෑමක් වන ආකාරයට තිරසාර ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරයි. BKT Nano Pro ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රූපලාවණ්‍යාගාර වලින් ලබා ගත හැකි අතර මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීම +61 433 523 283 වට්ස්ඇප් අංකය හරහා සිදු කළ හැකිය.