hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 17, පෙ.ව. 12:02



ඇය දැන් තටු ලැබුණ කිරිල්ලියක් වගේ..

සතුටෙන්, සැහැල්ලුවෙන්, විනෝදයෙන් කාලය ගත කරනවා.. ඉතින් මෙන්න බලන්නකෝ මේ දවස්වල නවසීලන්තයේ ජීවත්වෙන දිලිනිගේ සතුට..

දිලිනි තිරිමාන්න, ඇය අපි බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඉතින් දිලිනි දැන් ඇගේ විවාහයත් එක්ක රංගනයෙන් ඈත් වෙලා එයාගේ සැමියා එක්ක ආදරණීය විදිහට ජීවත් වෙනවා..

බිරිඳකට ඕන ආදරය රැකවරණය විතරක් නෙවෙයි නිදහස ලැබුණාම ඇත්තටම ඇය ගොඩක් සතුටෙන් ජීවත්වෙනවා කියන එක දිලිනි ඇගේ මුහුනුපොතට එකතු කළ වචනවලින් තේරෙනවා..

“හස්බන්ඩ් එක්ක අඩියක් ගහන්න හැම බිරිඳටම බැහැ”….මං මේ වචනේ කිව්ව ගමන් සෑහෙන්න පිරිසක් ඇනුම්පද කියාගෙන එයි මට… මේ කියන දේ දන්න පිරිස දන්නවා ඒ මොහොත කොයි තරම් සුන්දරද රසවත් ද කියලා.. බයිට් ටිකක් හදලා දීලා එයා ළඟ ඉදන් ආස කරන ෆිල්ම් එකක් බලාගෙන, පොඩි ඕපදූපයක් කියවගෙන ඉන්නකොට තියෙන කාලය, ඒ මොහොත … සුන්දරයි ….. තමන්ගේ සැමියා තමන්ගේ හොඳ යහලුවා කරගත්ත බිරිඳකටත් වගේම තමන්ගේ බිරිඳ තමන්ගේ හොඳම යහලුවා කරගත්ත සැමියෙකුටත්.. මේ දේවල් පුදුම දේවල් නෙමෙයි …”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: