2024 අගෝස්තු 18, පෙ.ව. 12:02
තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක එකොළහ ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් දාහත් දෙනෙක් ගැන පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
දැරියගේ මව චෝදනා කර තිබුණේ දැරියගේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බියවැද්දීම නිසා ඇය සියදිවි නසා ගැනීමට ද උත්සාහ කළ බවයි.
තණමල්විල ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුව එම සිසුවා මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දුෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරුව එම නිවසේ සිටි තවත් සිසුන් කිහිපදෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය සහ දූෂණය කර එය වීඩියෝ ගතකර තිබෙනවා.එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය එම සිසුවියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා හතකදී ඇයව සමූහ දූෂණයට ලක් කර තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම පසුගිය දින සිදු වී තිබුණේ කිරිදි ඔය අසලදී.
එහිදී පාසල් සිසුන් හත් දෙනෙක් එකතුව මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝ ගත කර තිබෙනවා. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා සහ විනය කමිටුවද දැනුවත් වී තිබෙනවා.
විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන්ගෙන් කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් එම සිදුවීම යටපත් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.
මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා හේතුව තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙක්ගේ පුත්‍රයෙක්ද සැකකරුවන් අතර සිටි නිසයි. එමෙන්ම එම සිසුවාගේ මවද මෙම පාසලේ ගුරුවරියක් ලෙස සේවයේ යෙදෙනවා.
තමාට සිදුවූ මේ අපරාධය සම්බන්ධයෙන් දැරිය සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන්ද ඇද තිබුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කෙරුණා.
ඒ අනුව සිසුවිය පොලිස් ස්ථානයට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වුණා.
මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිලි වල හා ක්‍රීඩා විවේකාගාර තුළදී සිසුන්ගේ නිවෙස් තුළදී ද මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට සහ දූෂණයට ලක් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙන එම තොරතුරු පොලිසියට වසං කල විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25