2024 ඔක්තෝබර් 01, පෙ.ව. 12:08
ලෝක ළමා දිනයට සමගාමීව උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා ඒවා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව අදාළ උප්පැන්න සහතික මුදල් ගෙවීමකින් තොරව ඔක්තෝබර් මාසය පුරා ලබාගත හැකි බව සඳහන්.
මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටිමන් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් නිරන්තරයෙන් උප්පැන්න සහතික නොමැති ළමුන් හඳුනාගෙන එකී සහතික ලබාදීමට අවශ්‍ය සහාය ලබා දෙනු ලබනවා.
කෙසේ වෙතත් සැලකිය යුතු ළමුන් ප්‍රමාණයක් එම සහතික නොමැතිව සිටින බව සඳහන්.
ඒ හේතුවෙන් ඔවුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනු ලබන බවට ද තොරතුරු වාර්තා වනවා.
එවැනි අය සිටින්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවී උප්පැන්න සහතිකය ලබාගැනීමට අවශ්‍ය සහය ලබා ගත හැකියි.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13