hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:04



නෙළුම් කුලුණේ 29 වැනි මහලේ සිට 03 වැනි මහලට පැන ජාත්‍යන්තර පාසල් සිසුවියක් මිය යාමේ සිදුවීම මේ වන විට මහත් ආන්දොලනයට ලක්ව තිබෙනවා.

එලෙසම එම සිසුවියගේ මිතුරන් බව පැවසෙන කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියද මේ සමගම දැඩි කතා බහට ලක් වුණා.

මෙම මරණ තුළින් නැවත නැවත සමාජ කථිකාවන් ගොඩනැඟිය යුත්තේ මෙවැනි ව්‍යවසනයක් දරුවන්ට නොවීමට වග බලා ගත යුත්තේ කෙසේද යන්නයි.

සුළු හෝ අතපසුවීමක් වැඩිහිටියන් අතින් සිදුවුවහොත් වර්තමානයේ දී නව යෞවන වියෙහි පසුවන දරුවන් අනතුරුවලට ලක්විමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

මෙවැනි අවදානම් සහගත දේ කිරිමට දරුවන් පෙලඹීමට බලපානු ලබන මනෝවිද්‍යාත්මක සමාජවිද්‍යාත්මක සාධක රැසක් වෙයි.

නව යොවුන් වියේ දරුවන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් වලට පොළඹවනු ලබන මානසික තත්ත්වයන් පිළිබඳව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කළ පැහැදිලි කිරීමකි මේ.

”නව යෞවුන් වයසේ මානසික ගැටලු සහ ඔවුන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙයි. මේ මාතෘකාව පුළුල් සංවාදයකට නොගෙන මඟහැරී යාමට හේතුවක් නම් විශේෂයෙන් මේ වයස් සීමාවන්වල ඇති දරුවන්ගේ මානසික ගැටලු විවෘතව සාකච්ඡා කිරීමට එම දරුවන් මැළිකමක් දැක්වීමයි. ඒ අයගේ මේ මානසික තත්ත්වයන් හඳුනා ගැනීම දුෂ්කරයි. බොහෝ විට තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳාගැනීමට හෝ සම වයස් කණ්ඩායම් සමඟ විසඳා ගැනීමට උත්සාහ කරයි. ඇතැම් විට ඒ අය උපදෙස් ලබා ගන්නේද එවැනිම මානසික ගැටලුවලින් පීඩාවිඳින දරුවන්ගෙන් වෙයි. අනෙක් පැත්තට දරුවන්ගේ ගැටලු හඳුනා ගැනීමේදි මවුපියන් ඒවා නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වෙයි. එම ගැටලු නිවැරදිව මවුපියන්ට හඳුනා ගැනීමේ අපහසුතාවක් ඇත. නව යෞවන වයසේ ස්වාභාවික මානසිකත්වය වෙනස් වීමේදී ඒ අය ස්වභාවයෙන්ම කලබලකාරි සහ අවදානම් ගැනීමට රුචිකත්වයක් දක්වන බව දක්නට ලැබෙයි.

විශේෂයෙන්ම මෑත කාලයේදී මේ නව යෞවන යෞවනියන් අතර සිදුවන සියදිවි නසා ගැනීම් ගැන බැලුවහම ඒ තුල කිසියම් ඒකාකාරී රටාවක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ පිටුපස තියෙන නොයෙකුත් මනෝවිද්‍යාත්මක හා සමාජීය පසුබිම පොදු බවක් නිසා එක පැත්තකින් ඒ අයගේ අධ්‍යාපනික පැත්ත තරගකාරීත්වය නිසා ඒ අය පීඩනයට පත්වෙලා. ඒ වගේම ඒ අය නිතරම අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලනවා.මේක තවත් වැඩි වෙනවා මේ පීඩනය දෙමව්පියන්ගේ තියෙන බලපෑම නිසා. අනිත් පැත්තට මේ දරු දැරියෝ නොයෙකුත් බලපෑම් වලට යටත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා දරුවන්ගේ හැසිරීම් වලට ඇති කරන බලපෑම්, දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන සැලකින්න,කාලය අඩු වුණොත්මේ දරුවෝ තවදුරටත් දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න පුළුවන්.ඒ වගේම දරුවන්ට ප්‍රශ්න විසඳගන්න ඒකට උදව් කරන්න කෙනෙක් නැති වූනහම විසඳුමක් නැති වෙන්න පුළුවන්. සිතුම් පැතුම් වල වෙනස්කම් වෙන්න පුළුවන්. අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න එක තරහ යන එක අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන එන එක. ඒ වගේම අන්තර්ජාලයට හැබැයි වෙලාද කියන එක හොයා බලන එක ඉතාම වැදගත්.යම්කිසි ගැටළුවක් ගුරුවරුන්ගේ මට්ටමෙන් දෙමාපියන්ගේ මට්ටමේ විසඳගන්න බැරිනම් ඒ සඳහා මනෝවිද්‍යාත්මක සායන තියෙනවා සෑම රෝහලකම…”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: