hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 01, ප.ව. 9:36


“සතා නාලක” ගැන තීන්දුවක් ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට දී අති වූ කලබලකාරී තත්ත්වය අතර තුර යුද හමුදා බස් රථයකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාලක අශාන්ත නොහොත් සතා නාලක නැමැත්තා ලබන 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ පසුගිය බදාදා නාලක අශාන්ත නොහොත් සතා නාලක ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින්.