hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 13, ප.ව. 2:40



ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 තරඟාවලියේ පළමු තරගය අද(13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතය.

තරගයට සහභාගී වන ශ්‍රී ලංකා 11 දෙනා නම් කර තිබේ

නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු වේ.

දෙරට අතර මේ වනවිට T20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ.

අද දිනයේදී මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට ඉඩ තිබෙනවා.

ඊයේ දිනයේදී ද දඹුල්ල ප්‍රදේශයට වර්ෂාව ඇඳ හැලී තිබුණා.

Example Image