2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:02
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි.
ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සදහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල බණ්ඩාර මහතා,
“විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙනවා වෙළෙඳ දැන්වීම් එනවා ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම ගාන්නේ අහවල් ක්‍රීම් වර්ගය කියලා එයා ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා වෙන්නේ පුළුවන්. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙස තමයි.
ඒ වෙළෙඳ දැන්වීම අපි ඔබලා බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට දුරකථන අංකයකුත් නැහැ, ලිපිනයකුත් නැහැ. විශේෂයෙන්ම සමේ ආලෙප කරන මේ වගේ දේවල් අපි ගෙන්නගෙන පාවිච්චි කරලා යම් කිසි ගැටලුවක් අවොත් එහෙම අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද අපිට මේ භාණ්ඩය විකුණුවේ කියලා.
ඒ කියන කාරණය සම්බන්ධයෙන් අපේ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සාමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දෙවල් ඇනවුම් කරලා ලබාගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔය කියන ක්‍රීම් වර්ග ආලේපන වර්ග භාවිතා කිරීමෙන් අපි අයින් වෙන්න ඕනේ.”
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16
17-10-25
17-10-25
16-08-25
16-08-25
07-08-25
07-08-25
27-07-25
27-07-25
08-06-25
08-06-25
29-05-25
29-05-25
08-11-24
08-11-24
20-10-24
20-10-24
07-07-24
07-07-24
04-07-24
04-07-24
09-04-24
09-04-24
24-03-24
24-03-24